වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් කමිටුවක්

Share

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්, අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම , හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීම ට ඇති හැකියාව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

Read more

Local News