හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ රීට් පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙසට ඉල්ලමිනුයි අදාළ රීට් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.