තෙවැනි ඇසට හසුවූ සොරකම්

Share

ගත වූ පැය 24 තුළ කොල්ලකෑමේ සිදුවීම් පිලිබඳ තොරතුරු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුනා.

බකමූණ ඇළහැර ප්‍රදේශයේ තරුණියකගේ රන්මාලයක් මංකොල්ල කා පලාගිය කල්ලියක් බකමූණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.

මංකොල්ලය සඳහා යොදාගත් වෑන් රථයක්ද බකමූණ හිරටිය රක්ෂිතයට යාබද කැලෑ රොදක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

වෑන් රථය කුලී පදනම මත ලබාගෙන ඇති බවටයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකරුවන් අද දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බියගම නගරයේ පිහිටි රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානයක්ද කොල්ලකා තිබෙනවා. එහි තිබූ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු රත්‍රන් සොරා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News