තලවතුගොඩ මාදිවෙල පාරේ පිහිටි වෙළඳසැලක් කොල්ලකෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් ගිනි අවියක්, පිහියක් සහ අත් බෝම්බයක් පෙන්වා වෙළඳසැල් හිමියා බිය වැද්දීමටයි සැරසී ඇත්තේ.
එහිදී වෙළඳසැල් හිමියන් ඇතුළු කිහිපදෙනෙකු එක්ව ඔවුන්ට පහර දී අල්ලාගෙන තිබෙනවා.
සැකකරුවන් අද කඩුවෙල උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.