වී සඳහා නිසි මිලක් නැතිකම මේ වන විට ගොවි ජනතාව මහත් පීඩාවට පත් කර තිබෙනවා. අදත් එවැනි ගැටළුවක් පොළොන්නරුවෙන් අපට වාර්තා වුණා.
නෙලන වී අස්වැන්නට සාධාරණ මිලක් නැති බව පොළොන්නරුව ගොවීන් පවසනවා. කෙතරම් වෙහෙස වී වගා කටයුතු කළත් සාධාරණ වී මිලක් නැතිකම ගොවි ජනතාව මහත් අසීරුතාවයකට පත් කර තිබෙනවා.
මේ අතරතුර පොළොන්නරුව දිස්ත්රික්කයේ ගොවීන්ට රජයෙන් නොමිලේ ඉන්ධන ලබාදීම සිදුකර තිබෙනවා.
අක්කර දෙකහමාරකට වඩා අඩුවෙන් වී වගා කළ ගොවි මහතෙකු සඳහා ඉන්ධන ලීටර් හය බැගින් ලබාදීම සිදු කෙරෙනවා.