ක්ෂය රෝගය තුරන් කිරීමට පියවර-ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය

Share

2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පවසනවා.

ඇය මේ බව පැවසුවේ, අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී 2023 ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ විශේෂ වැඩමුළුවේදී අදහස් දක්වමිනුයි.

මෙවර ජාතික ක්ෂය රෝග දිනයේ තේමාව ක්ෂය රෝගය තුරන් කරමු.. ඔවු අපිට පුළුවන්… යන්න බවද සෑම වසරකම මාර්තු 24 වනදා සමරනු ලබන ජාතික ක්ෂය රෝග දිනය මෙවරත් 2023 මාර්තු 24 ක්ෂය රෝගය පිළිබඳව ජනතාව දැන්ම්වත් කරමින් මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීම සඳහා වඩාත් අර්ථාන්විත ලෙස සමරනු ලබන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම වැඩමුළුවට සහභාගී වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර ක්ෂය රෝගයෙහි ස්වභාවය සහ එහි රෝග ලක්ෂණ පැහැදිලි කරමින් කියා සිටියේ මාස 06ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුවකරගත හැකි බවයි.

ක්ෂය රෝගය බෝ වන රෝගයක් බවද එය මුල් කාලයේදී ම හඳුනාගනිමින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර පැවසු අතර මෙය සෙම බිඳිති මගින් ව්‍යාප්ත වන බවද අවධාරණය කළේය.

Read more

Local News