වර්ජනයෙන් රටම අඩාලයි

Share

රජයේ නව බදු ප්‍රතිපත්තිය බැංකු පොලී අනුපාතය ඉහළ යාම, ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද දීප ව්‍යාප්ත වෘත්තීය අරගලයක් ක්‍රියාත්මකයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් මීට සමගාමීව එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විදුලි, වරාය, ඛනිජ තෙල්, ජල, සෞඛ්‍ය, දුම්රිය, අධ්‍යාපන සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩවර්ජන සහ වෘත්තීය අරගල ක්‍රියාත්මකව පවතිනවා.

අද දින ක්‍රියාත්මක මෙම දැවැන්ත වැඩ වර්ජනය සහ වෘත්තීය අරගල හේතුවෙන් රටේ දෛනික කටයුතු මුලුමනින්ම අඩපණ වී තිබෙනවා.

Read more

Local News