මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
සෝදා පිරිසිදුකර නියමිත ප්‍රමිතියට සකස්කරනු ලබන මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.
මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු ලැබේ.