ඉහළ දැමූ විදුලි බිලට එරෙහිව ඊයේ රාත්‍රීයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
වැඩි වූ විදුලි බිලට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහියංගන, දෙහිගොල්ල විද්‍යාලය අසල ඊයේ රාත්‍රීයේ පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා.
මේ අතර මැදවච්චිය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ වැඩි වූ ජීවන වියදම හා විදුලි බිලට එරෙහිවයි.
ජාතික ජන බලවේගය සංවිධානය කළ තවත් පන්දම් විරෝධතාවයක් ගලෙන්බිඳුනුවැව නගරයේ දී පැවැත්වුණා. ඒ වැඩි වූ විදුලි බිලට සහ ආර්ථික අර්බුදයට විරෝධතාවය දක්වමින්.
මේ අතර ඊයේ රාත්‍රියේ දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේදී විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මිකගේ ප්‍රධානත්වයෙන් ද විරෝධතාවයක් පැවැත්වුණා.