දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක්

දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයින් සෙවීම සඳහා හදිසි සේවා කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මකව පවතී.