ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ලාංකිකයින්ට කාර්යාංශ ලියාපදිංචිය Online

විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.

මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ ඇති Online Self Registration සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැක.

මෙම පහසුකම භාවිතා කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.