ඉදිරියේදී බස් ගාස්තුවේ අඩුවීමක් සිදුවිය හැකියි – බන්දුල ගුණවර්ධන

Share

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකි වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News