දකුණු ආසියානු කලාපයේ (සාර්ක්) රටවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳ 07 වැනි අමාත්‍ය සමුළුව පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අද (10) ආරම්භ වේ.
අප්‍රේල් 10 සිට 14 දා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට සහභාගිවීම සඳහා නාගරික සැලසුම් හා ජල සම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (09) දිවයිනෙන් පිටත්ව ගියහ.
දකුණු ආසියානු කලාපයේ සනීපාරක්ෂක කටයුතු විධිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.




