ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Share

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (10) අලුයම 3.30 ට නිකුත් කරන ලද නවතම ජල මට්ටම් වාර්තාවට අනුව, ගිං ගඟ සහ අත්තනගලු ඔය සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව බද්දේගම ඌමාපන මාපකය හරහා ගිං ගඟත්, දුනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔයත් සුළු ගංවතුර මට්ටම්වල පවතින අතර එම ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතී.

මීට අමතරව ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ‘අවධානය’ (Alert) යොමු කළ යුතු මට්ටමේ පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිල්වලා ගඟ: පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් ‘අවධානය’ මට්ටමේ පවතින අතර, පානදුගම ජල මට්ටම ඉහළ යමින් පවතී.

ගිං ගඟ: තවලම ප්‍රදේශයෙන් ‘අවධානය’ මට්ටමට ළඟා වී ඇති අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.

වළවේ ගඟ: මොරකැටිය ප්‍රදේශයෙන් ජල මට්ටම ‘අවධානය’ මට්ටමේ පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

කළු ගඟ: රත්නපුර ප්‍රදේශයෙන් ‘අවධානය’ මට්ටමේ පැවතිය ද, එහි ජල මට්ටම මේ වනවිට පහ බසිමින් පවතින බව වාර්තා වේ.

අදාළ ගංගා නිම්න පහත්බිම්වල වෙසෙන ජනතාවට සහ ඒ හරහා ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Read more

Local News