ප්‍රංශ සුපිරි වෙළෙඳසැල්වල ශීතකරණ පද්ධති අඩපණ කළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට චෝදනා

Share

ප්‍රංශය පුරා සුපිරි වෙළෙඳසැල්වල ශීතකරණ සහ අධිශීතකරණවල උෂ්ණත්වය ඉහළ යන ආකාරයට පසුගිය මාසයේ සිදුකළ සයිබර් ප්‍රහාර පිටුපස ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සිටින බවට ප්‍රංශය චෝදනා කරයි.
ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noël Barrot සඳහන් කළේ මෙම සයිබර් ප්‍රහාරය එහි පරිමාණය සහ ප්‍රහාරයේ ආක්‍රමණශීලී ස්වභාවය යන අංශ දෙකෙන්ම පෙර නොවූ විරූ එකක් බවයි. ඊට වගකිවයුත්තන්ට එරෙහිව සම්බාධක පනවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත්, ඇතැම් ඉරාන මාධ්‍ය ආයතන ප්‍රංශයේ චෝදනා පදනම් විරහිත බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ප්‍රංශයේ සුපිරි වෙළෙඳසැල්වල ගබඩා කර තිබූ ශීත කළ සහ ශීතකරණවල තබා තිබූ ආහාර ටොන් ගණනක් විනාශ වී තිබේ.
ප්‍රංශයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව යුරෝපයේ තවත් රටවල් කිහිපයක සුපිරි වෙළෙඳසැල් ඉලක්ක කරගෙන ද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම් අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News