ඇමරිකාවට අදාළ අපනයන පාලන ලැයිස්තුව සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය නවතම ප්‍රතිචාර දක්වයි.පසුගිය වසරේ අප්‍රේල් මස 4වැනි දා එම අමාත්‍යාංශය අංක 21 දරන නිවේදනය නිකුත් කරමින් ඇමරිකාවේ ආයතන 16ක් අපනයන පාලන ලැයිස්තුවට එක් කර තිබිණ. චීනය හා ඇමරිකාව අතර පැවති 8වන වටයේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා මගින් එළඹි එකඟතාවන්ට අනුව අද (10) සිට අංක 21 දරන නිවේදනයෙහි සඳහන් පියවර මාස 2ක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එසේම පසුගිය වසරේ අප්‍රේල් මස 4වන දින නිකුත් කළ “විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට අදාළ ක්‍රියාකාරී යාන්ත්‍රණය පිළිබඳ නිවේදනයට” අදාළ පියවර ද මාස 2ක කාලයක් සඳහා අත්හිටුවීමට චීන වාණිජ අමාත්‍යාංශය තීරණය කර ඇත.
Share
Read more



