බස් ගාස්තුවෙත් වෙනසක්

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිත බවයි අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.