ශ්‍රි ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Share

අයර්ලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වුණා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර දිනය නිමාවන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන්ව තිබුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලෙසයි. ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 64 කට සීමා කරමින් නිශාන් මදුෂ්ක ලකුණු 29 කට දැවී ගිය අතර අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 281 (356) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සමත් වුණා. සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 140 කට දැවීගිය අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 18 ක් ඇතුළත් වී තිබුණා. නායක දිමුත් කරුණාරත්න සිය 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම සඳහා හතරේ පහර 15 ක් ඇතුළත් වුණා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා.

දීනේෂ් චන්දිමාල් සහ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය දෙවන දිනය ආරම්භ කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 16කට දැවී ගියා. ධනංජය සිල්වාට ලබාගත්තේ ලකුණු 12ක් පමණයි. නොදැවී ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් ලකුණු 41ක් හා සදීර සමරවික්‍රම ලකුණු 15ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා ඉනිම 441 – 6 (102) ලෙස සටහන්ව පවතී

Read more

Local News