යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 442 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 442වන දිනයයි.

මෙම යුධ ගැටුම ආරම්භ වී වසරකට වඩා වැඩි වුවද තවමත් යුක්‍රේනය තුළ යුධ ගිනිදැල් ඇවිලෙමින් පවතිනවා.

යුරෝ විෂන් නම් ගීත තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණා.

ඒ එංගලන්තයේ ලිවර්පුල් හිදී. මේ සඳහා යුක්‍රේනය නියෝජනය කරමින්ද ගීත කණ්ඩායමක් සහභාගී වී තිබුණා.

මෙලෙස ඔවුන් තරගවදීමට සුළු මොහොතකට පෙර මොවුන්ගේ උපන් ප්‍රදේශය වන යුක්‍රේනය ternopil සහ කිව් වෙත රුසියා ශෙල් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

අධ්‍යාපන ආයතනයක් සහ නේවාසික ගොඩනැගිලි ඉලක්ක කරගත් මෙම ශේල් ප්‍රහාර හේතුවෙන් දේපල රැසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ජර්මානු ජනපති හමුවී තිබෙනවා.

Read more

Local News