පාර්ලිමේන්තුව අද සිට 26 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.
එසේම මැයි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ගැසට් පත්ර කිහිපයක ඇති නියෝග විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව තිබෙනවා.



