ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩ ගැනේ

Share

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (25) දිනයේ යළි ගොඩගැනීම සිදු කරමින් පවතිනවා.

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව දේහය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීම සිදුවූ බවයි වාර්තා වන්නේ.

Read more

Local News