අම්බලන්ගොඩ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිටත් වෙඩි

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම පසුගිය දින කිහිපය පුරාම වෙඩි තැබීම් වාර්තා වුණා.

අද දිනයේත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා.

ඉන් එක වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඒ සමඟම අම්බලන්ගොඩ පොලීසිය වෙත පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් ඔහුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබුණා.

උරහිස ආසන්නයට වෙඩි පහර එල්ල වී ඇති අතර මේ වන විට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

Read more

Local News