වයඹ ගවයින්ට පිට පළාත් තහනම් වෙයි

Share

Lumpy Sceen diseases හෙවත් සමේ ගැටිති රෝගය මේ වන විට වයඹ පළාතෙන් ද වාර්තා වනවා.

මෙම රෝගී තත්වය මීට පෙර උතුරු පළාතෙන් වාර්තා වූ අතර එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුවයි එය වයඹ පළාතින් වාර්තා වුණේ.

කුරුණෑගල ප්‍රදේශයේ ගව පට්ටි ආශ්‍රිතව මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සියත අප කළ විමසීමකදී සඳහන් කළේ.

ඒ අනුව වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read more

Local News