අධික උණුසුමෙන් ඇස්වලටත් බලපෑම්

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා අක්ෂි ආබාධ ඇති විය හැකි බව ජාතික අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ප්‍රසාද් කොළඹගේ පවසනවා.

මින් වැඩි බලපෑමක් එල්ල විය හැක්කේ වැඩිහිටියන්ට සහ දරුවන්ට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇස්වල වියළි බව හා වේදනාකාරී බව ඇතිවීම සිදුවන බවයි ඔහු පවසන්නේ.