ජෝ බයිඩන් ඇද වැටෙයි

අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී තිබෙනවා.

එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්‍යභට නිලධාරීන් 921 දෙනෙකුට හට අතට අත දී යළි වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ජනාධිපතිවරයා වේදිකාව මත ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් බිම ඇද වැටීමෙන් ජනාධිපතිවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව සඳහන්ය.