ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රීයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.
රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය.
මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ.



