අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් ක්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.



