මුල්ලේරියාව හල්බරාව ප්රදේශයේ කුඩා දරුවෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 5 හැවිරිදි පිරිමි දරුවෙකුයි.
වීදුරු බෝතලයක කටු ඇනීමෙන් දරුවා මිය ගොස් ඇති බවයි ඒ අසල සිටි පුද්ගලයෙකු ප්රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙය සැක කටයුතු මරණයක් බැවින් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



