වතුකරයේ යටිතල පහසුකම් හා මානව සම්පත් දියුණු කිරීමට ඉන්දියාවෙන් සහාය

Share

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි වතුකරයේ තරුණයින් සවිබල ගැන්වීම සඳහා ඉන්දීය රජයෙන් මුදල් ප්‍රදානයක් සිදු කෙරිණි.

සිය අමාත්‍යාංශය යටතේ හැටන් හි පිහිටා ඇති TVTC ආයතනය සඳහා රුපියල් මිලියන 199 ක් ඉන්දීය රජයේ අධාර ලෙස ප්‍රදානය කිරීමට අදාළ ගිවිසුම පසුගියදා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කෙරුණා.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි මහත්මිය සහ මෙරට ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං චන්දු අතරයි මෙම ගිවිසුම අත්සන් කෙරුණි.

TVTC ආයතනය මඟින් වතුකරයේ තරුණයින්ගේ වෘත්තීය අධ්‍යාපනය නැංවීම සඳහා පාඨමාලා රැසක් පවත්වනු ලබනවා.  එම පාඨමාලා වඩාත් ගුණාත්මක අයුරින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා මානව සම්පත් දියුණු කිරීම සඳහා මෙම ආධාර මුදල හිමි විය.

 

Read more

Local News