ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියා.
පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.