අතරමඟ නවතා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති වසරක කාලයක් ඇතුළත නිමකිරීමට සැලසුම්

Share

මේ වනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘතිවල සියලුම කටයුතු ඉදිරි වසරක කාලයක් ඇතුළතදී නිමකිරීමට බළාපොරොත්තුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද පැවසීය.

ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මුදල් අමාත්‍යංශ නිළධාරීන් සමඟ මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනා හා අදහස් ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් සතියක් ඇතුළතදී තමන්ට ලබාදෙන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දුන්නේය.

Read more

Local News