යුද හමුදා වෛද්‍යවරුන්ගෙන් ගිනස් වාර්තාවක්

Share

කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින මෙම සැත්කම සිදුකර ඇති අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිග සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වේ.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ.

බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

Read more

Local News