උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Share

භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතර ම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (06) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහෙත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් ඔහු පැවසීය.

එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයාගේ අදහස විය.

Read more

Local News