සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පවතින පසුබිමක ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
මේ මාසයේදී ගතවූ දින 13 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4654ක්.
මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 76,689 ක් ලෙසයි.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ගම්පහින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9780ක්.
එය සටහන් වන්නේ 22.1% ක් ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවලද ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ.
දරුවන් අතරද ඩෙංගු අවධානම ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළඳුන කුඩා දරුවන් 36ක් ප්‍රතිකාර ලබන බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.



