අද සිට පාස්පෝට් ඔන්ලයින් ක්‍රමයටත්

Share

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසීය.

නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Read more

Local News