ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජියන් ඔෆ් ඔනර් හි ග්‍රෑන්ඩ් ක්‍රොස් (Grand Cross of the Legion of Honour) ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ සිය ප්‍රංශ සංචාරය අතරතුරදීයි.
එය හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට ප්‍රංශයේදී හිමිවන ඉහළම ගෞරවය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එම ගෞරව ප්රදානය සිදු කර ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්.
ඒ අනුව ප්‍රංශයේ Grand Cross of the Legion of Honour වෙනුවෙන් පාත්‍ර වූ පළමු ඉන්දීය අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්වන්නේ ද නරේන්ද්‍ර මෝදි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ දිනවල ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටින්නෙ ද අදට යෙදී තිබෙන එරට ජාතික දින උත්සවයට සමගාමීවයි.
එහි ගෞරවනීය ආරාධිතයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා හිමිව තිබෙනවා.



