කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්රයේ ඉදිවූ කෘත්රීම වෙරළ තීරය ඊයේ (15) විවෘත කෙරුණා.
ඊයේ සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන අතර කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්රයක්ද ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.



