“සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වනවා” – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි

Share

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළා.

කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පෙන්වාදී තිබෙනවා.

Read more

Local News