රජයේ රෝහල්වල මේ වන විට ඉන්සියුලින් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
මේ හේතුවෙන් දියවැඩියා තත්ත්වය ඉහළ ගොස් රෝගීන් තුළ සංකූලතා වැඩි විය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
කෙසේ වෙතත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු ඉන්සියුලින් හිඟයක් නැති බව රෝහල් අධ්යක්ෂවරයා ප්‍රකාශ කළා.



