තියුණු ආයුධයකින් පහරදීමක්

Share

අතුරුගිරිය පොලිස් වසමේ මලවියා කන්ද පාර ප්‍රදේශයේ දී ඊයේ (11) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවට වාර්තා වනවා.

තුවාලකරු හෝමාගම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 36 ක් වන හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවලකරු විදේශගතව සිටින මිතුරෙකු විසින් ලබාදුන් දුරකථන ඇමතුමට අනුව පාර්සලයක් රැගෙන යාම සඳහා ඉහත ප්‍රදේශයට පැමිණ සිටිය දී එම ස්ථානයේ සිටි පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News