අපරාධයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානයට වාර්තාවී තිබූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව අපරාධයකට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙරෝයින් ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 28ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අදාල සැකකරු පසුගිය 21 වන දින රාත්‍රීයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ ඉදිරිපිට ඇති වෙළදසැලක් තුළදී වෙළඳසැලේ හිමිකරුට වෙඩි තබා පලායාමේ සිද්ධියේ සැකකරුවෙකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Previous articleමාරක රිය අනතුරක් – එක් අයෙක් මරුට
Next articleට්‍රම්ප්ගේ මග් ෂොට් එක ඉතිහාස ගතවෙයි(VIDEO)