ස්පාඤ්ඤයේ පාපන්දු සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්

Share

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා නිමාවට පත් වූ ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ලුයිස් රුබියල්ස් ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක්කල අවස්ථාවේදී එක් ක්‍රීඩිකාවක සිප වැලඳ ගැනීමේ චෝදනාව මතයි.

ඒ පිළිබඳව සිදුකළ විනය පරීක්ෂණයෙන් පසු මාස 03ක් සඳහා ලුයිස් රුබියල්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ නමුත් ලුයිස් රුබියල්ස් පවසා ඇත්තේ තමා ධුරයෙන් ඉවත් නොවන බවයි.

ස්පාඤ්ඤ ප්‍රාන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු පාපන්දු ක්‍රීඩිකාවන් 81 දෙනෙකු ඔහු ධුරයෙන් ඉවත්වෙන තුරු ක්‍රීඩාවෙන් ඉවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News