ලොව පළමු වරට මොළයෙන් හමු වූ පණුවා(VIDEO)

ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් ජීවී පණුවෙකු හමු වී තිබෙනවා.

64 වයසැති එම කාන්තාවගේ මොළයේ සෙන්ටිමීටර 8ක පමණ පණුවෙකු සිටි බවයි වාර්තා වන්නේ.

ඇයට අමතක වීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙනුයි වෛද්‍යවරයා හමුවී ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සිටින විෂ රහිත සර්පයන්ගේ ශරීර තුළ වැඩි වශයෙන් මෙම පණු වර්ගය සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සිදුකළ සැත්කමකින් පසුවයි මෙම පණුවා හමුවී තිබුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඅලි මිනිස් ගැටුම අවම කර ගන්න විපක්ෂ නායකගෙන් යෝජනා (VIDEO)
Next articleකොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බිහි වු ප්‍රථම ගුවන් හමුදාපතිට උපහාර