අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපා ඇති ඉඩැලියා සුළි කුණාටුවෙන් එම ප්‍රදේශයට දැඩි හානි සිදුවී තිබෙනවා.
බටහිර ෆ්ලොරීඩාවේ වෙරළ තීරයට මෙම කුණාටුවෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
නිවස 1000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තාවන්හි සඳහන්.
මේ වන විට ෆ්ලොරීඩාවේ විදුලිය නොමැතිකම නිසා 150000කට අධික පිරිසක් අපහසුතාවයට පත්ව සිටිනවා.
අමෙරිකාවේ ජාතික සුළිකුණාටු මධ්‍යස්ථානය පවසන්නේ මෙම කුණාටුව සති අන්තයේ දී බර්මියුඩාව වෙත ගමන් කරනු ඇති බවයි.