සිංගප්පූරු ජනාධිපතිවරණ අද

සිංගප්පූරුවේ ජනාධිපතිවරණයට අදාල ඡන්ද විමසීම අද (01) උදෑසන ආරම්භ වුණා.

වසර 12කට පසු වඩාත් තරඟකාරී ජනාධිපතිවරණයක් මෙවර පැවැත්වෙන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

අපේක්ෂකයන් තිදෙනෙකු මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින බවයි වාර්තා වන්නේ.

උදැසන 8 සිට රාත්‍රී 8 දක්වා ඡන්දදායකයන්ට සිය මනාප ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව ලක්ෂ 27ක්.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල අද රාත්‍රියේ හෝ හෙට උදෑසන නිකුත් කරන බවයි එරට නිලධාරීන් පවසන්නේ.

Previous articleඉඩැලියා සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම්
Next articleරෝහල්වල පවතින අඩුපාඩු ගැන හෙද සංගමයයෙන් අනාවරණයක්(VIDEO