සඳ තරණය කළ ඉන්දියාව ඉරටත්

Share

ඉන්දියාව සිය පළමු සූර්ය ගවේෂණ මෙහෙයුම අද (02) ආරම්භ කළා.

ඒ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීයි.

ආදිත්‍ය එල්. වන්. නැමැති මෙම යානය එරට වේලාවෙන් අද පෙරවරු 11.50ට සිය මෙහෙයුම ආරම්භ කළා.

එම යානය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සූර්ය ගවේෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා මාස 04ක පමණ කාලයක් ගතවනු ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසන්නේ.

මෙම මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන ‘ආදිත්‍ය’ යන නමිනුයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සූර්ය ගවේෂණ මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 46ක මුදලක් වැයකර තිබෙනවා.

Read more

Local News