දකුණු අප්‍රිකාවේ පොලිසිය හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් – 18 මරුට

දකුණු අප්‍රිකානු පොලිසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ ප්‍රාන්තයේදීයි.

මෙම කොල්ලකරුවන් පිරිස බැංකුවලට මුදල් රැගෙන යමින් සිටි වෑන් රථයක් කොල්ලකෑමට සූදානම්ව තිබෙනවා.

එම අවස්ථාවේදී එය වැළැක්වීම සදහා පොලිසිය දැරූ උත්සාහයේදී වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වෙඩි හුවමාරුවෙන් මියගිය කොල්ලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

Previous articleසිංගප්පූරු ජනාධිපතිවරණයේ ජය ෂන්මුගරත්නම්ට
Next articleඅද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි