ක්‍රිකට් ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවේ දී නැරඹීමට අවස්ථාව

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව යටතේ කුසලානය අද (14) ශ්‍රී ලංකාවේ දී නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව හිමිවනවා.

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී ශූරතා කුසලානය නැරඹීම සදහා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා අවස්ථාව හිමිවන අතර පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා One Galle Face හීදී එය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.