ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී පුද්ගලයෙක් මරුට

Share

මහියංගනය දළුකාන මාර්ගයේ කළුකැලේ නගරයේ දී සිරිපුර දෙස සිට දළුකාන දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ (14) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 31ක් වන ගල්කන්ද, කළුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News