යුක්‍රේනයට යලිත් ඩ්‍රෝන ප්‍රහාර

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 565 යි.

යුක්‍රේනයේ ඩින්ප්‍රෝ ප්‍රදේශයට ඩ්‍රෝන යානා 3ක් සහ ෂෙල් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඉන් ගොඩනැගිලි සහ ජනාවාසවලට හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉන් කිසිවෙකුට ජිවිත හානියක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ ක්ලිස්ව්විකා නගරය නැවත අත්පත් කර ගැනීමට යුක්‍රේනය සමත් වී තිබෙනවා.

ඊට ස්තූතිය පළ කරමින් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව සතු යුක්‍රේනයේ භූමිත් පියවරෙන් පියවර ආපසු යුක්‍රේනයට ම ලබාදෙන සොල්දාදුවන්ට මම ප්‍රශංසා කරනවා යනුවෙනුයි.